ටෙස්ට් පිටියේ ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රබාත් ජයසූරිය ඉදිරියට

  • Home
  • /
  • Sports
  • /
  • ටෙස්ට් පිටියේ ශ්‍රේණිගත කිරීම්වලින් ප්‍රබාත් ජයසූරිය ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදැක් වූ නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය 5වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.ඔහු පෙර සිටි 7වන ස්ථානයේ සිට ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත.

මෙම පැමිණීමත් සමග ප්‍රබාත්ට ශ්‍රේණිගත ලකුණු 801ක් හිමිව ඇති අතර, එය ඔහු ටෙස්ට් වරම් හිමිකරගැනීමෙන් පසු එතෙක් මෙතෙක් ලබාගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවද වෙයි.ඒ අනුව ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ස්ථානය 2කින් ඉදිරියට පැමිණ මේ වනවිට ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට පත්ව සිටියි.

මෙම ශ්‍රේණිගතකිරීම් අතර දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩාටද, තෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ජෝෂ් හේසල්වුඩ්ටද හිමිව ඇත.කෙසේ නමුත් ප්‍රබාත්ගෙන් පසු යළි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නා වන අසිත ප්‍රනාන්දුට හිමිව ඇත්තේ 14වැනි ස්ථානයයි.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025