ඩොලර් බිලියන 100 ඉක්මවමින් ලෝකය පුරා රත්‍රන් ඉල්ලුම ඉහළට

  • Home
  • /
  • News
  • /
  • ඩොලර් බිලියන 100 ඉක්මවමින් ලෝකය පුරා රත්‍රන් ඉල්ලුම ඉහළට

ලෝකය පුරා රත්‍රන් ඉල්ලුම මේ වසරේ තුන්වන කාර්තුවේදී පළමු වරට ඩොලර් බිලියන 100 ඉක්මවා තිබේ.ලෝක රන් කවුන්සිලය පවසන්නේ ගෝලීය රන් ආයෝජන ඉල්ලුම වසරින් වසර දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවයි.

ඊයේ (30) නිකුත් කරන ලද ලෝක රන් කවුන්සිලයේ වාර්තාවකට අනුව, තුන්වන කාර්තුවේදී ගෝලීය රත්ත්‍රන් ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, එම ඉල්ලුමේ වටිනාකම ප්‍රථම වතාවට ඩොලර් බිලියන 100 ඉක්මවා ගොස් ඇති බවයි.අඩු පොලී අනුපාත සහ අඛණ්ඩ භූ දේශපාලනික අවදානම් මීට හේතු වී තිබේ.

ගෝලීය රන් ඉල්ලුම, ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙට්‍රික් ටොන් 1,313 දක්වා වසරින් වසර 5% කින් ඉහළ ගොස් ඇති අතර තුන්වන කාර්තුව සඳහා එය වාර්තාවක් වූ බව ද සඳහන් වේ.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025