තවදුරටත් ඊශ්‍රායල – හමාස් මැදිහත්කරුවෙක් නොවේ: කටාර් රාජ්‍ය

  • Home
  • /
  • News
  • /
  • තවදුරටත් ඊශ්‍රායල – හමාස් මැදිහත්කරුවෙක් නොවේ: කටාර් රාජ්‍ය

ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් ඇති කිරීම සඳහා තවදුරටත් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු නොකරන බව කටාර් රාජ්‍ය නිවේදනය කරයි.

 

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවත්නා ම්ලේච්ඡ යුද ගැටුම් අත්හිටුවීමට දෙපාර්ශවයම ප්‍රමාණවත් දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් කටාර් රාජ්‍ය මෙම තීරණය ගෙන ඇත.

 

දෙපාර්ශවයම සටන් විරාමයක් සඳහා තම කැපවීම පෙන්වන තෙක් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වන බව කටාර් රාජ්‍ය වැඩිදුරටත් අවධාරණය කරයි.

 

පසුගිය දා ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ලෙබනනය ඉලක්ක කරගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව බලධාරීන් නිවේදනය කර ඇත.

 

ප්‍රහාරයන්ගෙන් සහන සේවකයින් හය දෙනෙකු හා පලස්තීන මාධ්‍යවේදීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

Don't forget to share this post!

Recent Posts

T10_Logo_Cricket_1200px_24_02_26-1000x600
December 12, 2024