නැඟෙනහිර තායිලන්තයේ අද සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැඟෙනහිර ප්‍රාන්තයක් වන Prachinburi පළාතේදී එම අනතුර සිදුවී ඇති අතර, අනතුරට ලක්වී ඇත්තේ උතුරින් පිහිටි මුහුදුබඩ ප්‍රාන්තයක සිට අධ්‍යයන චාරිකාවක නිරතව සිටි පිරිසක් බව වාර්තා වේ.
මෙම බස් රිය අධික වේගයෙන් ධාවනය වී තිබෙන අතර තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් කඳුකර මාර්ගයේ පෙරළී ගොස් උඩුකුරු අතට පෙරළී ගොස් ඇතැයි ද, එහි ගමන් කළ තවත් පුද්ගලයන් 31 දෙනකු තුවාල ලබා ඇතැයි ද සඳහන් වේ.
අනතුර සිදුවන විට එම බස් රථයේ රියැදුරු ඇතුළු 49 දෙනකු සිටි බවත්, ගිලන් රථ ඇතුළු ආපදා කළමනාකරණ කණ්ඩායම් කඩිනමින් පැමිණ බස් රථයේ සිරවුණු සෙසු පුද්ගලයන් නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්වූ බවත් වාර්තා වේ.