දකුණු අප්‍රිකානුවන් වසර 135ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ දැවැන්තම ජය

  • Home
  • /
  • News
  • /
  • දකුණු අප්‍රිකානුවන් වසර 135ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ දැවැන්තම ජය

බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 273ක වාර්තාගත ජයක් ලැබීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (31) සමත් විය.

මෙය වසර 135ක දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ලැබූ දැවැන්තම ජය ලෙසින් වාර්තා අතරට එක්විය.එමෙන්ම බංග්ලාදේශය ලැබූ පරාජයද ඔවුන්ගේ ටෙස්ට් වාර්තා අතර දෙවැනි දැවැන්තම පරාජයයි.

Chattogramහි පැවති තරගයේ තෙවැනි දිනයේදී දකුණු අප්‍රිකාව මෙම ජය සම්පූර්ණ කරගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6කට ලකුණු 575ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීය.කෙසේවෙතත් ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 159ක් පමණි.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමේ අභියෝගයත් සමගින් ලකුණු 416ක් පසුපස සිට බංග්ලාදේශයට සිය දෙවැනි ඉනිම ඇරඹීමට සිදු වූ අතර, එවරද ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 143ක් පමණි.

තරගයේ වීරයා ලෙස දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 177ක් රැස්කළ ටෝනි ඩි සොර්සි සම්මාන දිනාගත්තේය.ඔහුගේ මෙම ශතකය සිය ක්‍රිකට් දිවියේ ඉහළම ටෙස්ට් ඉනිම මෙන්ම පළමු ශතකද විය.

තරගාවලියේ වීරයා ලෙස තරග දෙකේදීම කඩුලු 14ක් දවාගත් වේගපන්දු යවන කගීසෝ රබාඩා සම්මාන දිනාගත්තේය.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025