සිව්වැනි වරටත් පැවැත්වෙන දකුණු අසියානු කනිෂ්ඨ මලල ක්රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවර දි (10) ආරම්භ වූ අතර එහිදි පළමු දිනයේදී ම ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් තමන්ගේ දක්ෂතා පෙන්වමින් කැපී පෙනීමට සමත් විය.
එහිදී තරගය මිනිත්තු 2යි තත්ත්පර 10යි දශම 17කින් අවසන් කරමින් ශ්රී ලංකාවට ජයග්රාහී පළමු රන් පදක්කම දිනා දෙන්නට කාන්තා මීටර 800 අවසන් තරගයට සහභාගී වූ තරුෂි අභිෂේකා ක්රීඩිකාව සමත් වුණාය.
මෙම ඉසව්වේ ම ලෝකඩ පදක්කම තරගය මිනිත්තු 2යි තත්ත්පර 12යි දශම 13ක් ඇතුළත අවසන් කළ ශ්රී ලංකාවේ සංසලා හිමාෂනි ක්රීඩාව දිනාගත්තාය.
මේ අතර තරගය මිනිත්තු 1යි තත්ත්පර 49යි දශම 83කින් අවසන් කරමින් පිරිමි මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම ද දිනා ගන්නට ශ්රී ලංකාවේ සවිදු අවිශ්ක ක්රීඩකයා සමත් විය.තරගයේ ආරම්භයේ පටන් සවිදුට අභියෝගයක් එල්ල කරන්නට ඉන්දියානු ක්රීඩකයින් දෙදෙනා සමත් වුවත් තරගයේ අවසන් මීටර කිහිපයේ දී තරගයේ ප්රතිඵලය වෙනස් කරමින් සවිදු ශ්රී ලංකාවට රන් පදක්කම දිනා දෙන්නට සමත් විය.
මේ අතර කාන්තා උස පැනීමේ ඉසව්වේ දී මීටර 1යි දශම 65ක උසක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගන්නට කෂ්මිකා තිමේෂී සහ නේත්රා සමාධි යන ක්රීඩිකාවන් සමත් වී තිබුණි.