දකුණු ආසියාවේ දැවැන්තයින් අතරට එක් වූ ශ්‍රී ලංකාවේ Cinnamon Life

  • Home
  • /
  • News
  • /
  • දකුණු ආසියාවේ දැවැන්තයින් අතරට එක් වූ ශ්‍රී ලංකාවේ Cinnamon Life

ජෝන් කීල්ස් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක මුදලක් ආයෝජනය කරමින් දකුණු ආසියාවේ විශාලතම හෝටල් අතරට එක්වන, කොළඹ ඉදිකළ Cinnamon Life අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය ඊයේ (15) විවෘත කෙරුණි.මෙය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනය වේ.

නවීන පහසුකම් සමඟින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර දෙන Cinnamon Life ගෝලීය රැස්වීම්,සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන (MICE) සංචාරයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වනු නොඅනුමානය.

කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ පහසුකම් තුළින් අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා දී තිබීම ද විශේෂත්වයකි. 

Cinnamon Life වෙත සපැමිණෙන සියලු අමුත්තන් හට ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කිරීම වෙනුවෙන් සූපවේදීන් 250ක් සමඟින් 1,500කට අධික වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කැපවී කටයුතු කරයි.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025