දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය බවට පත් වූ Sri Lankan Airlines

  • Home
  • /
  • News
  • /
  • දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය බවට පත් වූ Sri Lankan Airlines

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ඇගයීමක් හිමිවේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී (South Asian Travel Awards ) ඇගැයීමට ලක් වී තිබේ.මෙම සම්මාන උළෙල දකුණු ආසියානු කලාපය තුළ පවතින සංචාරක සේවා කර්මාන්තයේ වඩාත් ගෞරවනීයම සම්මාන උළෙල වන අතර එය වාර්ෂිකව සංවිධානය කරනු ලබන උළෙලක් ද වේ.මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම් සිදු කරනු ලබන්නේ අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් විසින් ලබා දෙන ජන්ද අනුව වේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, පකිස්තානය බංග්ලාදේශය,නේපාලය ඇතුළු රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර 130 ක් ක්‍රියාත්මක කෙරේ.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025