දකුණු ඕස්ට්‍රේලියාවේ පාසල් අසල ක්ෂණික ආහාර අලෙවිසැල් තහනම් කිරීමට යෝජනාවක්

  • Home
  • /
  • News
  • /
  • දකුණු ඕස්ට්‍රේලියාවේ පාසල් අසල ක්ෂණික ආහාර අලෙවිසැල් තහනම් කිරීමට යෝජනාවක්

හරිත පක්ෂයේ මන්ත්‍රී රොබට් සිම්ස් විසින් යෝජිත පනතක් නිසා ඉදිරියේ දී එම පනත සම්මත වුවහොත් දකුණු ඕස්ට්‍රේලියාවේ පාසල්වලින් මීටර් 400ක් ඇතුළත ක්ෂණික ආහාර අවන්හල් පිහිටුවීම තහනම් කළ හැකිය.පාසල් සිසුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත මගින් ක්ෂණික ආහාර අලෙවිසැල් අධ්‍යාපන ආයතනවලට යාබද වෙළඳසැල් පිහිටුවීම සීමා කිරීමට අපේක්ෂා කරයි.

සිම්ස් තර්ක කරන්නේ වත්මන් රෙගුලාසි මගින් ක්ෂණික ආහාර අවන්හල්, පාසල්වලට ඉතා ආසන්නව ක්‍රියාත්මක වීමට ඉඩ සලසන අතර එනිසා සිසුන් අතර සෞඛ්‍යයට අහිතකර ආහාර තෝරා ගැනීමට දායක වන බවයි.එක්සත් රාජධානියේ ද මේ හා සමාන ක්‍රියාමාර්ග පවතින අතර එමගින් ආභාෂය ලබාගෙන ඕස්ට්‍රේලියාව තුළද මෙම නීති ක්‍රියාත්මක කිරීම සිදුකර ඇත.

කෙසේ වෙතත් පනතට රජයෙන් විරෝධයක් එල්ල විය හැකි බවත් එවැනි සීමා කිරීම් නිසා තදාසන්න සාප්පු මධ්‍යස්ථානවලට අභියෝගයක් එල්ල වීමත් එමෙන්ම දේපල වටිනාකමට බලපෑම් කළ හැකි බවටත් කැබිනට් අමාත්‍ය නික් චැම්පියන් විසින් ප්‍රකාශයක් පළ කර ඇත. ඉදිරි සති කිහිපය තුළ මෙම පනත දකුණු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025