දකුණු කොරියාවේ තරුණ තරුණියෝ විවාහ වර්ජනයක

  • Home
  • /
  • News
  • /
  • දකුණු කොරියාවේ තරුණ තරුණියෝ විවාහ වර්ජනයක

ලොව අඩුම දරු උපත් සිදුවන රට බවට පත්වී ඇති දකුණු කොරියාවේ ජනගහනය වර්ධනය කිරීමේ අරමුණින් එරට රජය හඳුන්වා දුන් විවාහ අපේක්ෂකයන්ගේ පැකේජය ප්‍රමාණවත් නොවන බව වාර්තා වේ.  අලුත විවාහ වූවන් සඳහා නිවාස සහනාධාර ඇතුළත්ව සියලු පහසුකම් සහිත පැකේජයක් හඳුන්වා දීමට රජය පියවර ගනු ලැබුවද එම මුදල ප්‍රමාණවත් නොවන බවත්, එරට තරුණ තරුණියන් අතර විවාහයන් සිදුවීම තවදුරටත් පහළ මට්ටමක පවතින් බවත් සඳහන් වේ. මෑතකදී කළ සමීක්ෂණයකට අනුව එරට රැකියාවේ නියුතු තරුණ තරුණියන්ගෙන් 5න් 3ක් පමණ විවාහ නොවී සිටීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

දකුණු කොරියාවේ තරුණ තරුණියන්ට විවාහ යෝජනා සිදු කිරීම සඳහා වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගත් එරට රජය විවාහ අපේක්ෂකයන් සඳහා ඇමෙරිකානු ඩොලර් 14,000ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 42ක් පමණ) පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබූ අතර, නිවාස සහනාධාර, විවාහ වීමේදී ලබාදෙන නිවාඩු දීර්ඝ කිරීම, විවාහ උත්සවය සඳහා අමතර දීමනා ලබා දීම ඇතුළු දිරි දීමනා රැසක් එම පැකේජයට ඇතුළත් බව වාර්තා වේ. මීට අමතරව විවාහ වන තරුණ තරුණියන් පදිංචි ප්‍රදේශවල පිහිටි දේවස්ථානවලින් සහ ඔවුන් රැකියාවේ නියුතු ආයතනවලින්ද දිරි දීමනා ලබා දීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025