දරුවන්ට හිතකර Features නිර්මාණය නිසා Apple සමාගමට ඕස්ට්‍රේලියානු රජයෙන් ප්‍රශංසා

  • Home
  • /
  • News
  • /
  • දරුවන්ට හිතකර Features නිර්මාණය නිසා Apple සමාගමට ඕස්ට්‍රේලියානු රජයෙන් ප්‍රශංසා

ඕස්ට්‍රේලියාවේ eSafety කොමසාරිස්, Julie Inman Grant, විශේෂයෙන්ම ලිංගික කප්පම් ගැනීම් සහ දරුවන් සමග ආදර සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම වැනි ගැටළු ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය හරහා ළමා ආරක්ෂාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් Apple වෙතින් නව iPhone iMessage Feature පිළිබදව පැසසුමට ලක් කර ඇත. 

 

නව iMessage ක්‍රියාකාරිත්වය මඟින් දරුවන්ට නිරුවත් ඡායාරූප iPhone වෙත සෘජුවම ලබාදීමේ ඉඩකඩ අහුරා ඇත.

 

Inman Grant මෙම මුලපිරීම විස්තර කළේ දුරකථනවල ඇති අනවශ්‍ය දෙයින් ළමයින් ආරක්ෂා කිරීම සඳහා වූ ධනාත්මක පියවරක් ලෙසයි.මෙමගින් වැරදිකරුවන් හදුනා ගැනීමට සහ ළමයින්ට සිදුවිය හැකි හානිය වළක්වා ගත හැකි බව සඳහන් කරමින් ඇය එවැනි Features වල වැදගත්කම අවධාරණය කළාය.

 

මෙම නව විශේෂාංගය, බාල වයස්ගත iPhone භාවිතා කරන්නන් සඳහා ස්වයංක්‍රීයව සක්‍රීය කෙරෙන අතර නිරුවත් ඡායාරූප හඳුනාගෙන අනතුරු ඇඟවීම් සමඟින් පරිශීලකයන් දැනුවත් කිරීමේ හැකියාව පවතී. කෙසේ වෙතත්, Inman Grant අවධාරණය කළේ, ත්‍රස්තවාදී අන්තර්ගතයන් සහ ළමා අපයෝජනය ඇතුළු පුළුල් පරාසයක සිදුවන online තර්ජනවලට විසඳුම් සෙවීමක් ලෙස Apple විසින් ලබාදෙන මෙම ආරක්‍ෂිත පියවරයන් තවත් පුළුල් කරන ලෙසට ඇය තවදුරටත් ඉල්ලීම් සිදුකරමින් පවසා ඇත. 

 

මෙවැනි හානිවලින් දරුවන් වඩාත් හොඳින් ආරක්ෂා කිරීම සඳහා සමාන ආරක්ෂණ විශේෂාංග හදුන්වාදෙන ලෙස  අනෙකුත් තාක්ෂණික සමාගම්වලින් ද ඇය ඉල්ලා සිටියාය. මෙම විශේෂාංගය ලොව පුරා ක්‍රියාත්මක කිරීමට පෙර මුලින්ම ඕස්ට්‍රේලියාව තුළ දී ක්‍රියාත්මක වීමට නියමිතය.

Don't forget to share this post!

Recent Posts

28b525ddffc6798d60033e3428186253
November 1, 2024