දස වසරකට පසු දකුණු අප්‍රිකාවට ආසියාවේ දී ප්‍රබල ජයක්

  • Home
  • /
  • News
  • /
  • දස වසරකට පසු දකුණු අප්‍රිකාවට ආසියාවේ දී ප්‍රබල ජයක්

බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර මීර්පූර්හිදී ඊයේ (24) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. 

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 106ක් පමණි. කෙසේ නමුත් දකුණු අප්‍රිකාව ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට ලකුණු 308ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 202ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹීමට බංග්ලාදේශයට සිදු වුවත්, දෙවැනි ඉනිමේදී ඔවුන් ලකුණු 307ක් රැස්කිරීමට සමත් විය.

නමුත් පළමු ඉනිමේ අසාර්ථකත්වය හේතුවෙන් ඔවුන්ට දකුණු අප්‍රිකාවට ලබාදිය හැකිවූයේ ලකුණු 106ක ඉලක්කයක් පමණි.ඒ අනුව එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

මෙම තරගය බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතර පැවැත් වූ 15වැනි ටෙස්ට් තරගය වූ අතර, ඉන් දකුණු අප්‍රිකාව ලැබූ 13වැනි ටෙස්ට් ජය මෙයයි.තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන්වීම හැරෙන්න මේ දක්වා කිසිදු තරගයක් ඔවුන් බංග්ලාදේශය හමුවේ පරාජය වී නොමැත.දකුණු අප්‍රිකාව ලැබූ මෙම ජයග්‍රහණය සැලකෙන්නේ ඔවුන් වසර 10කට පසු ආසියානු තරග බිමකදී ලැබූ පළමු ටෙස්ට් ජය ලෙසය.අවසන්ට වරට ඔවුන් ආසියාවේදී ටෙස්ට් ජයක් වාර්තාකර තිබුණේ 2014 වසරේදී ගාල්ලේදී පැවති තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිවය.

තරග දෙකකින් යුත් බංග්ලාදේශ – දකුණු අප්‍රිකා තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැත්වෙන්නකි.ඒ අනුව මෙම ජයත් සමග ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 4වැනි ස්ථානය දක්වා ඉදිරියට යාමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

ශ්‍රී ලංකාවට මෙහි තෙවැනි ස්ථානය හිමිව ඇත.ඉන්දියාව එහි පෙරමුණේද හා ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේද රැඳී සිටියි.

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025