දිනෙන් දින වාර්තා අලුත් කරන ශ්‍රී ලංකා කොටස් වෙළදපොළ

  • Home
  • /
  • News
  • /
  • දිනෙන් දින වාර්තා අලුත් කරන ශ්‍රී ලංකා කොටස් වෙළදපොළ

ශ්‍රී ලංකා කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමුවරට ඊයේ දින (2) ඒකක 16,000 සීමාව ඉක්මවා ගියේය.

 

2024 වසරේ ගෙවුණු මාස 3ක කාලය තුළ දිගින් දිගටම වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 49.66%ක ඉතිහාසගත වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් විය.

 

පසුගිය 2024 වසරේ නොවැම්බර් 13 වැනිදා සියලු කොටස් මිල දර්ශකය පළමුවරට ඒකක 13,000 පසුකළ අවස්ථාවෙන් පසු අඛණ්ඩව එම වාර්තාව අලුත් විය.

 

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය අද(03) ඒකක 16,000 සීමාව ඉක්මවා ගියේ ඉතිහාසයේ පළමු වරටය.

 

ඊයේ (03) දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94කින් ඉහළ ගොස්, ඒකක 16,348.55ක් ලෙස සටහන් වූ අතර රුපියල් බිලියන 12.86ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025