නව තාක්ෂණය එකතු කරමින් නිර්මාණය කළ හදිසි ඇමතුම් සේවාව

  • Home
  • /
  • News
  • /
  • නව තාක්ෂණය එකතු කරමින් නිර්මාණය කළ හදිසි ඇමතුම් සේවාව

NSW නව Triple Zero Livestream විශේෂාංගය දියත් කරයි.

අද සිට, නිව් සවුත් වේල්ස් (NSW) හි පුද්ගලයින්ට 000 අමතා හදිසි සේවා සම්බන්ධ කර ගැනීමට නව ක්‍රමයක් ඇත. මෙම විශේෂාංගය මගින් පරිශීලකයින් හට හදිසි ඇමතුම් ක්‍රියාකරුවන් වෙත සජීවී වීඩියෝ යැවීමට ඉඩ සලසා ඇත.වර්ථමානයේ සිදුවන තීරණාත්මක තොරතුරු සපයයි.

නව තාක්‍ෂණය GoodSAM විසින් බල ගැන්වෙන සහ BluLink ලෙස හඳුන්වනු ලබන අතර ඇමතුම්කරුවන්ට ඔවුන්ගේ නිශ්චිත GPS ස්ථානය බෙදා ගැනීමට, Digital Media Upload කිරීමට සහ කෙටි පණිවිඩ යැවීමට හැකි වේ.එය දුරකථනයෙන් කතා කිරීම ඉතා භයානක විය හැකි අවස්ථාවන් හිදී විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

නිදසුනක් වශයෙන් දුර්වල ලෙස සංඥා පවතින නිල් කදුකරයේ ට්‍රේල් බයික් අනතුරට ලක්වීමෙන් අතරමං වූ තරුණ සහෝදරයන් දෙදෙනෙකු මෙම නව ක්‍රමය හරහා ඔවුන් සිටින ස්ථානය යවා මිනිත්තු 45 කට පසු බේරා ගන්නා ලදී.

“BluLink යනු බින්දු තුනක ඇමතුමක් අතරතුර අමතර තොරතුරු සැපයීමට නව්‍ය ක්‍රමයක් වන අතර එය අපගේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වේ,” යනුවෙන් NSW පොලිස් තාක්ෂණ අණදෙන නිලධාරි සහකාර කොමසාරිස් ස්ටේසි මැලෝනි විසින් මාධ්‍යයට පවසා තිබේ.

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025