Sci-Fi: Mythologies Transformed
SCI-FI: Mythologies Transformed මගින් විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ නැවුම් අවබෝධයක් ලබා දෙයි.විකල්ප අනාගතය සහ මනඃකල්පිත ක්ෂේත්‍ර පිළිබඳ සිතීම මත ගොඩනැගුණු ප්‍රදර්ශනයකි.විද්‍යා ප්‍රබන්ධ සහ පුරාණ දර්ශනය හා මිථ්‍යා කථා සම්බන්ධ කරන ආසියාවේ කලාකරුවන් විසින් නරඹන්නන් වෙනස්ම ලෝකයක් කරා රැගෙන යයි.ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරන ලද මෙම ප්‍රදර්ශනය ජාතීන්ගේ ඉදිරි දර්ශන සහ දැනුම පුළුල් කර ඇත.
මෙම නොමිලේ ප්‍රදර්ශනයට ආසියාවේ සහ බටහිර රටවල සමකාලීන කලා කෘති, ඓතිහාසික කෞතුක භාණ්ඩ, පොත්පත් සහ සිනමාව ඇතුළත් වේ.SCI-FI ඇතුළත් කර අනාගතයක් ඉල්ලා සිටින කලාකරුවන්ගේ සිහින ලෝක, අනාගත දර්ශන සහ මනරම් යථාර්ථයන් මෙහිදී නැරඹීමට හැකිවේ.
මේ ප්‍රදර්ශනය දැන් පෙන්වන්නේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ විද්‍යා ගැලරියේදී ය.විශ්ව විද්‍යාලය ගිම්හාන නිවාඩුව පුරා වසා ඇත. අගෝස්තු 30 සිට දෙසැම්බර් 14 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන නමුත් පැවැත්වෙන දිනයන් වෙනස්වන බැවින් වැඩිදුර තොරතුරු සදහා info@melbourne.sciencegallery.com හරහා ඔවුන්ව සම්බන්ධ කරගන්න.
Location
Science Gallery Melbourne
114 Grattan St
Parkville 3052