Perth හි වෛද්‍යවරුන් අවුරුදු 50 ගණන්වල මුල් භාගයේ පසුවන පුද්ගලයෙකුට Scurvy රෝගය වෙනුවෙන් ප්‍රතිකාර කර ඇති අතර,මෙය ජීවන වියදම් ඉහළ යාමේ පීඩනය නිසා දුර්වල ආහාර ගැනීම හේතුවෙන් මතුවන දුර්ලභ තත්වයක් වන Scurvy නම් රෝගය වේ. ඔහුගේ පාදවල වේදනාකාරී රතු-දුඹුරු ගැටිති තිබූ අතර රෝගියාට විටමින් සී සහ අනෙකුත් පෝෂණ ඌනතා ඇති බව සොයා ගන්නා ලදී.
සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කරන්නේ ඔහුගේ විරැකියාව සහ ඔහුට කල සැත්කමකින් පසු අවශ්‍ය අතිරේක ලබා ගැනීමට ඇති නොහැකියාව නිසාවෙන් මූලික ආහාරවේල් ලබා ගැනීමට නොහැකි වූ නිසා මෙම රෝගී තත්ත්වය බලපා ඇති බවයි.
ඩීකින් විශ්ව විද්‍යාලයේ කැතරින් බෙනට් පවසන පරිදි නැවුම් පලතුරු සහ එළවළු සඳහා දැරිය හැකි මිල පිළිබඳව කනස්සල්ලක් මතු කළ අතර, ආහාර මිල ඉහළ යාම නිසා මන්දපෝෂණය ආශ්‍රිත රෝග වැඩිවීමට හේතු විය හැකි බව යෝජනා කළේය. Scurvy වසංගත මට්ටමට ළඟා වී නොමැති නමුත් විශේෂඥයන් විසින් එය වඩාත් සුලභ විය හැකි බවට අනතුරු අඟවන්නේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක වැදගත්කම අවධාරණය කරමිනි.