වික්ටෝරියානු යුවළකට නීති විරෝධී ලෙස අල්ලා ගත් මුහුදු මසුන් මෙල්බර්න් අවන්හලට විකිණීම නිසා ඩොලර් 7,000 ක දඩයක් නියම කෙරේ.
වයස අවුරුදු 60 ගණන්වල පසුවන වික්ටෝරියානු ජාතික යුවලකට ඩොලර් 7000ක දඩයක් සහ ඩොලර් 5000ක් නීතිමය වියදම් වශයෙන් ගෙවන ලෙසට නියෝග කර ඇත්තේ විනෝදයට අල්ලාගත් මුහුදු ආහාර මෙල්බර්න් අවන්හලකට විකුණමින් සිටියදීය.මෙම යුවල Queenscliff සහ Lakes Entrance හි දැල්ලන් සහ ටේලර් යන මසුන් ඇල්ලීම සිදු කර ඇත.පසුව ඔවුන් මසුන් අලෙවි කරන බව සොයා ගන්නා ලදී.එම මසුන් ඇල්ලීම විනෝදාත්මක ධීවරයින් සඳහා නීති විරෝධී ය.
වික්ටෝරියානු ධීවර අධිකාරිය (VFA) විසින් තනි තනිව ඔතා තිබූ මෙම මසුන් අවන්හලේ තිබී සොයා ගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. විනෝදාත්මක මසුන් ඇල්ලීමේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම යුවළ සන්ෂයින් මහේස්ත්රාත් අධිකරණයේදී වරදකරු කරනු ලැබීය. මීට අමතරව, ඔවුන්ගේ ධීවර ආම්පන්න සහ ඩොලර් 1,370 ක මුදල් රාජසන්තක කරන ලද අතර, එම පුද්ගලයාට වසර පහක ධීවර තහනමක් ද හිමි විය.