පාකිස්තානය සාක්ෂරතා අර්බුදයකින් පසුබෑමට

  • Home
  • /
  • News
  • /
  • පාකිස්තානය සාක්ෂරතා අර්බුදයකින් පසුබෑමට

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නවතම වාර්තාවකට අනුව පාකිස්තානයේ සාක්ෂරතා දරිද්‍රතාව 77% ක මට්ටමේ පවතින බවත්, එරට ලොව වඩාත්ම අභියෝගාත්මක අධ්‍යාපනික ක්‍රමවේදයක් පවතින රටවල් අතරට ඇතුළත් වන බවත් වාර්තා වේ. 

පාකිස්තානයේ අවුරුදු 10 වයස් සීමාවේ පසුවන දරුවන්ගේ පවා අකුරු කියැවීමේ මූලික අධ්‍යාපනය ඉතාම දුර්වල මට්ටමක පවතින අතර පාකිස්තානයේ පවතින මේ අධ්‍යාපන අර්බුදය එරට සමාජ හා ආර්ථික ප්‍රගතියට සැලකිය යුතු බාධා එල්ල කර තිබේ. 

එසේම මෙම ගැටළුව එරට දරුවන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපනයට සහ රැකියා අවස්ථා සඳහා අත්‍යවශ්‍ය මූලික සාක්ෂරතා කුසලතා පාකිස්තානයේ මිලියන ගණනාවක දරුවන්ට අහිමිවීමේ අවදානමක් ද මතු වී ඇතැයි ද  වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025