බංගලාදේශයේ අගමැතිනි රටින් පලායයි.

  • Home
  • /
  • News
  • /
  • බංගලාදේශයේ අගමැතිනි රටින් පලායයි.

බංග්ලාදේශය තුළ ජූලි 18 ශිෂ්‍ය අරගලයක් ආරම්භ වන්නේ එරට අගමැතිනි ෂීක් හසීනාට එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට බල කරමිනි.ඒ ෂීක් හසීනාගේ අත්තනෝමතික පාලනය තුළින් ගත් තීරණයක්වන රාජ්‍ය අංශයේ රැකියා සදහා වන කෝටා ක්‍රමයේ ප්‍රතිසංස්කරණයන් නිසා විශ්ව විද්‍යාල සිසුන් ඇයට විරුද්ධව අරගල කිරීම ආරම්භ කලේය. ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව ප්‍රබල මර්දනයක් අගමැතිනිය දියත් කල අතර විරෝධතාකරුවරුන්ට වෙඩි තැබීමත් සමග සිසුන් මියයාම සහ තුවාල වීම නිසා තත්ත්වය තවත් උග්‍ර විය.වෙඩි තැබීම් නිසා මුළු ආණ්ඩුවටම ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතාවය තවදුරටත් රැගෙන ගියහ.අවසානයේ ලෝකයේම අවධානය බංග්ලාදේශය වෙතට යොමු වූ අතර අගෝස්තු 05 වැනිදා (ඊයේ) මුළු බංග්ලාදේශයම ඩකා නුවර වෙත ගොස් අගමැතිනිය එළවා දැමීමට සූදානම්වන විට එරට අගමැති ෂීක් හසීනා එරටින් පලා ගොස් ඇත.දශක දෙකක කාලයක් පුරා නොකඩවා අගමැති වෙමින් ජනතාව විසින් රට පාලනයට ගෙනා අගමැති ෂීක් හසීනාව අවසානයේ ජනතාව විසින්ම රටෙන්ම පලවා හැරියේ ජනතාව සතු බලය ලෝකයටම පෙන්වමිනි.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025