බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්

  • Home
  • /
  • News
  • /
  • බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්

මියන්මාරය බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු බැංකොක් අගනුවර ඉදිකෙරෙමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.බැංකොක් නුවර චතුචක් උද්‍යානයේ මහල් ගොඩනැගිල්ලක් තප්පර කිහිපයකින් කඩාවැටී ඇති බව බැංකොක් හී හදිසි වෛද්‍ය විද්‍යා පිළිබඳ ජාතික ආයතනය පැවසීය.ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පුද්ගලයින් 43 දෙනෙකු ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවද එම ආයතනය පවසා තිබේ.මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය.භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් අගනුවරද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර බැංකොක් නුවර මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති බවද වාර්තා වේ.අදාළ ගොඩනැගිල්ලේ පුද්ගලයින් 50 දෙනෙකු සිට ඇති බවද පවසන විදෙස් වාර්තා ඉන් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවද පැවසීය.මැන්ඩලේ යනු මියන්මාරයේ සංස්කෘතික සහ ආගමික අගනුවර වෙන අතර මිලියනයක පමණ ජනතාවක් එහි වාසය කරන නුවරකී.මෙම නගරය ප්‍රධාන සැපයුම් සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලන අතර මියන්මාරයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන චීනයේ දේශසීමාවට යන ප්‍රධාන වෙළෙඳ මාර්ගය ද එය අවසානයේ පිහිටා තිබේ.මේ අතර මැන්ඩලේ ගුවන්තොටුපොළේ මගී ජනතාව සහ කාර්යමණ්ඩලය ඉන් ඉවත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.භූ කම්පනයෙන් අනතුරුව බැංකොක් ජනතාව නිවාසවලින් ඉවතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටි.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025