මාරාන්තික ලැව් ගිනිවලින් ග්‍රීසිය ඇවිලේ

  • Home
  • /
  • News
  • /
  • මාරාන්තික ලැව් ගිනිවලින් ග්‍රීසිය ඇවිලේ

ග්‍රීසිය පුරා පැතිරයන ලැව්ගිනි තවත් උග්‍ර අතට හැරේ.

ග්‍රීසිය පුරා පැතිර යන මාරාන්තික ලැව්ගිනි හේතුවෙන් ඇතන්ස් අසල විශාල පිරිසක් ඉවත් කිරීමට නියෝග කරන ලදී.ග්‍රීසියේ ඇතන්ස් නගරය පුරා පැතිර යන ලැව්ගිනි නිසා නිවාස සහ රෝහල්වලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු කර ඇත.

ගිනි නිවන හමුදාවේ ප්‍රකාශක Vassilis Vathrakogiannis ගිනි නිවන භටයාගේ මානුෂික උත්සාහයන් ගැන මාධ්‍යයට පැවසුවේය.සිවිල් ආරක්ෂක හමුදා රාත්‍රිය පුරාම දැඩි ලෙස සටන් කළ නමුත් එම උත්සාහයන් ව්‍යර්ථ කරමින් ගින්න වේගයෙන් වර්ධනය වූ බවත් මේ මොහොතේ එය පෙන්ටෙලිකස් කන්ද වෙත ළඟා වී ඇති අතර, එය පෙන්ටෙලි දෙසට ගමන් කරන බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

Vathrakogiannis පවසන පරිදි, ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවන භටයින් 670 ක්, වාහන 150 කට අධික සංඛ්‍යාවක් සහ ගුවන් යානා 32 ක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇත.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025