ජලය මත ඔරු පැදීමේ සහ පුහුණු කිරීමේ සේවාවක් Top Row Melbourne මගින්
ජලය මත පුළුල් පරාසයක ඔරු පැදීමේ සහ පුහුණු කිරීමේ සේවාවක් ඔබට මෙල්බර්න් නගරය තුළින් ලබාගත හැකිවේ.මුල්ම වතාවට ඔරු පැදීම සිදු කරන පුද්ගලයාගේ සිට දක්ෂ හබල්කරුවන් දක්වා ඕනෑම මට්ටමක සිටින පුද්ගලයින් සඳහා මෙය සුදුසු වේ.ඔවුන්ගෙන් සුදුසුකම් ලත් උපදේශකයින් විසින් ඔබට මූලික කරුණු උගන්වා ඔබට නිසි දැනුමක් ලබාදෙයි.
TopRow ආයතනය විශ්වාස කරන අන්දමට ඔරු පැදීම සෑම කෙනෙකුටම වන අතර, පළමු වරට ඔරු පදින ක්‍රීඩකයින්ට සහ නවක ඔරු පැදීමේ ක්‍රීඩකයින්ට ඔරු පැදීම පිළිබද ඉගැන්වීම මෙහි ඇති විශේෂත්වයයි.එක්සත් රාජධානිය, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ වැනි විවිධ ස්ථානවලින් ලොව පුරා සිටින නව සහභාගිවන්නන්ට ආස්වාදයක් ලබා දෙමින් ඔවුන් මෙම ක්‍රීඩාවට ඇති කැමැත්ත බෙදාහදා ගනී.මොවුන්ගේ පුහුණු සැසි දැන් මෙල්බර්න් වෙත පැමිණ යාරා ගඟ අසල පැවැත්වේ.
ඔවුන්ගේ සති අටක ඉගෙනුම් පාඨමාලා ගැන දැන ගැනීමට TopRow අමතන්න.වසර පුරා නිතිපතා නොමිලේ පවත්වනු ලබන සැසි පිළිබඳ තොරතුරු සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් සමග සම්බන්ධවන්න.
මෙම ස්ථානය සදුදා සිට සිකුරාදා දක්වා උදේ 6.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව පවතින අතර සති අන්තයේ දී උදේ 8.00 සිට හවස 6.00 දක්වා විවෘතව පවතී.
Location
TopRow Melbourne
7 Boathouse Dr
Melbourne 3004