රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන – රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඒ අනුව එළැඹෙන මැයි 08 වැනිදා සිට මැයි 11 දින දක්වා මෙම සටන් විරාමය ක්‍රියාත්මක වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ .
දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරන ජයග්‍රාහී සැමරුම් උත්සවයට සමගාමීව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කර තිබෙන බවටයි සඳහන් වන්නේ .
මානුෂීය සලකා බැලීම් මත පදනම්ව රුසියානු ජනාධිපතිවරයා විසින් මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් .
කෙසේ නමුත් යුක්‍රේනය විසින් මෙම සටන් විරාමය උල්ලංඝනය කළහොත් ඊට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාන් වෙත දන්වා ඇති බව සඳහන් කරනවා .
පසුගිය පාස්කු ඉරිදා දිනයේද රුසියාව විසින් යුක්‍රේනයට පැය 30ක සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගැනුණේ .
නමුත් එම සටන් විරාම කාලය තුළදී ප්‍රහාර අඩු වීමක් දක්නට ලැබුණද දෙපාර්ශ්වය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ බවට චෝදනා කර තිබෙනවා .