යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස පුටින්ට බ්‍රික්ස් සමුළුවේ දී ඉල්ලීමක්

  • Home
  • /
  • News
  • /
  • යුක්රේන යුද්ධය අවසන් කරන ලෙස පුටින්ට බ්‍රික්ස් සමුළුවේ දී ඉල්ලීමක්

යුක්රේනය සමග තිබෙන ගැටුම් නිමා කිරීමට පියවර ගන්නා ලෙස රුසියාවේ කසාන් ප්‍රාන්තයේ පැවැති රටවල් පහේ ‘බ්‍රික්ස්’ සමුළුවට සහභාගි වූ ලෝක නායකයන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියාව හුදෙකලා කිරීමට බටහිර රටවල් ගත් අසාර්ථක උත්සාහයන් මැද රුසියාවේ හිතවාදී රටවල්වල ඉල්ලීමට අනුව යුක්රේන යුද්ධය අවසන් කිරිමට පුටින්ගේ අවධානය යොමු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දෙදිනක් පුරා පැවැති බ්‍රික්ස් සමුළුවට එහි ප්‍රධාන සාමාජිකයන් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් සහභාගි වූ රාජ්‍ය නායකයන්ට අමතරව මෑතක සිට ඊජිප්තුව, සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ආජන්ටිනාව ද මෙම සමුළුව නියෝජනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025