යුරෝපා සංගමය සහ ඉන්දියාව නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා

  • Home
  • /
  • News
  • /
  • යුරෝපා සංගමය සහ ඉන්දියාව නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා

යුරෝපා සංගමය ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ තීරුබදු ඉහළ නැංවීමේ අභියෝගයට මුහුණු දෙමින් සිටින යුරෝපා සංගමය ඊට විසඳුමක් ලෙස ඔවුන් ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට සාකච්ඡා පවත්වා තිබේ.  

පසුගියදා ඉන්දීය සංචාරයේ නිරත වූ යුරෝපා සංගමයේ සභාපතිතිනිය Ursula Vander Leyen එම නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද, ලබන වසර ආරම්භයට පෙර එම ගිවිසුම අත්සන් කිරීමේ එකඟතාවට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. Ursula  සහ මෝදි අතර එම නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ කොන්දේසි සහ කරුණු සම්බන්ධව එකඟතාවට පැමිණි බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

වෙළෙඳාම, තාක්ෂණය, ආයෝජන සහ ආරක්ෂක සහයෝගිතාව වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් යුරෝපා සංගම් නියෝජිතයන් සමඟ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා සහ රැස්වීම් 20ක් පමණ පැවැත්වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025