රාමසාන් උත්සවය අදයි.

  • Home
  • /
  • Blog
  • /
  • රාමසාන් උත්සවය අදයි.

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ. 

මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරණු ලබයි.

රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදා වෙන දසවන මාසය වේ. රාමසාන් මස නව සඳ දැකීමෙන් ඇරඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත්වේ. 

මුස්ලිම්වරුන් සඳහා වූ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරානය පිළිබඳ මුහම්මද් තුමාට මූලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස රාමසාන් උත්සවය සමරනු ලබයි. 

නිරාහාරය ඉස්ලාමීය  මූලික මුලධර්ම පහෙන් එකකි. රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ විට හිරු බැසීම දක්වා ආහාර ගැනීමෙන් වැළකී සිටින අතර එම කාලය තුළ අපිරිසිදු සිතුවිලි වලින් සහ නරක හැසිරීම් වලින් වැලකී සිටිය යුතුය. 

රාමසාන් සෑමවිටම මාස 12 ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසයට අයත් වේ.

 

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025