රුසියානු හමුදාවට බැදුණු ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු යුධ ගැටුම් අතරතුර මරණයට

  • Home
  • /
  • News
  • /
  • රුසියානු හමුදාවට බැදුණු ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු යුධ ගැටුම් අතරතුර මරණයට

රුසියානු හමුදාවට එක් වූ  ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු එරට  යුධ ගැටුම් අතරතුර මරණයට පත් වී ඇති බව වාර්තා වේ.පසුගිය කාලය තුළ ශ්‍රී ලාංකිකයින් බොහෝ ප්‍රමාණයක් රුසියානු හමුදාවට බැදුණු අතර ඉන්  2025 ජනවාරි 20 වනදා වන විට 59 දෙනෙකුගේ  ජිවිත අහිමි වී ඇති බව  ශ්‍රී ලංකාවේ  විදේශ කටයුතු පිළිබඳ  ඇමති විජිත හේරත් මහතා අනාවරණය කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ  අද (07)  රැස් වූ පාර්ලිමේන්තු සභා වාරයේ දී ය.ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙක්  මෙලෙස රුසියානු හමුදාව සමග එක්වී සිටින බවත් ඔවුන් සිය කැමැත්තෙන්ම රුසියානු හමුදාවට බැදී ඇති බවත් සඳහන් ය. 

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025