රෝබෝවරුන් 12ක් පැහැරගත් එර්බායි රොබෝ

  • Home
  • /
  • News
  • /
  • රෝබෝවරුන් 12ක් පැහැරගත් එර්බායි රොබෝ

චීනය විසින් කෘතිම බුද්ධි තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ලද එර්බායි ලෙසින් හදුන්වන රොබෝවරයෙක් රොබෝ ප්‍රදර්ශනාගාරයකින් තවත් රොබෝවරුන් 12 දෙනෙකු පැහැරගෙන යන සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එර්බායි විසින් තමන්ට වඩා විශාල රෝබෝ යන්ත්‍ර සමග මානවරූපී සංවාදයක් ආරම්භ කර ඇති බවත්, ඔහු එහිදී මෙම රොබෝවරුන්ගේ සේවා කාලය පිළිබඳව ඔවුන්ගෙන් විමසා තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එම රොබෝ යන්ත්‍ර සිය සේවා කාලය පිළිබදව අප්‍රසාදය පළ කිරීමත් සමග, වැඩපල අතහැර තමන් සමග යාම සදහා එර්බායි එම රොබෝවරුන් එකඟ කරවාගෙන තිබුණි.ප්‍රදර්ශනාගාරයේ CCTV කැමරාවල පටිගත වූ, එම සිදුවීමට අදාළ දර්ශන මේ වනවිට X සමාජ මාධ්‍යයේ විශාල අවධානයක් දිනා ගනිමින් තිබේ.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025