ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ඉන්දියාවෙන් Furosemide එන්නත් කුප්පි තොගයක්

  • Home
  • /
  • News
  • /
  • ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ඉන්දියාවෙන් Furosemide එන්නත් කුප්පි තොගයක්

ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ඉන්දියාවෙන් Furosemide එන්නත් කුප්පි තොගයක් ලබා දී තිබේ. 

ශ්‍රී ලංකා රජය විසින් කළ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ රෝහල්වල Furosemide හිඟයට කඩිනම් පිළියමක් ලෙස එම එන්නත් මි.ග්‍රෑ. 20/මි.ලි. 2 කුප්පි 50,000ක් තිළිණ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ඊයේ(13) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම ඖෂධ තොගය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාර දෙන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

ඉන්දියාව විසින් මෙලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මීට පෙරද බොහෝ පරිත්‍යාගයන් සිදු කර තිබේ. 

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025