ලංකා විදුලි බල මණ්ඩලයට ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 30ක්

  • Home
  • /
  • News
  • /
  • ලංකා විදුලි බල මණ්ඩලයට ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 30ක්

ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 30ක මූල්‍ය පහසුකමක් ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ලබාදීමට  අනුමැතිය ලබා දී ඇති බවට වාර්තා වේ.ක්‍රියාත්මක වෙමින් පවතින සහ අනාගතයේ බලශක්ති අංශයන්වල ව්‍යාපෘතිවල තිරසාර බව තහවුරු කිරීම සදහා මිලියන 30ක මූල්‍ය පහසුකම ලබාදෙන බවට පවසමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.මෙවැනි ආකාරයේ පළමු මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.ආසියානු සංවර්ධන බැංකුව මෙම වැඩසටහනේ අරමුණු වශයෙන් පෙන්වා දී ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සහ එම ක්ෂේත්‍රය සඳහා පුද්ගලික අංශයේ දායකත්වය වැඩිකරගැනීම බවයි.ඒ අනුව 2030 වනවිට පුනර්ජනනීය ප්‍රභවයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් ලබාගැනීමට ඇති සැලැස්ම සාර්ථක කර ගැනීමටත් මෙම වැඩසටහන වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025