ලොව වැඩිම විදේශ විනිමය සංචිතය හිමි රට බවට චීනය පත්වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ලොව වැඩිම විදේශ විනිමය සංචිතය හිමි රට බවට චීනය පත්වෙයි.

චීනයේ විදේශ විනිමය සංචිත කළමනාකරණ රාජ්‍ය පරිපාලනය සහ චීනයේ මහ බැංකුව නිකුත් කර ඇති දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව එරට විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.265 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.පසුගිය නොවැම්බර් මස අවසානයේ නිකුත් කළ වාර්තාවකට අනුව ඔක්තෝබර් මස අවසන් වන විට ඩොලර් බිලියන 4.8කින් ඉහළ යෑමත් සමඟ මේ වන විට ලොව වැඩිම විදේශ විනිමය සංචිතය හිමි රට බවට ද චිනය පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.චීනය මෙවැනි විදේශ විනිමය සංචිත වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ 2015 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.    

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025