ලොව සංචාරකයින් වඩාත්ම කැමති දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු දරයි.

  • Home
  • /
  • News
  • /
  • ලොව සංචාරකයින් වඩාත්ම කැමති දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු දරයි.

Wanderlust Reader Travel Awards 2024 හිදී ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය සඳහා වඩාත්ම කැමති දූපත ලෙස කිරුළු පැළඳයි.එක්සත් රාජධානියේ Wanderlust Reader Travel Awards 2024 හිදී ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය සඳහා වඩාත්ම කැමති දිවයින යන ගෞරවනීය නාමයෙන් පිදුම් ලැබුවා.ලන්ඩන් නුවර ටේට් මොඩර්න් හි පැවති උත්සවයේ දී ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා විසින් මෙම සම්මානය ලබා ගෙන ඇත.පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙහි අටවැනි ස්ථානයට පත්ව සිටි අතර මෙවර එහි අංක එකට පැමිණ තිබෙන අතර ලක්ෂ 2කට අධික සංචාරකයින්ගේ  ඡන්දයෙන් මෙම තෝරා ගැනීම සිදුවිය.පොහොසත් සංස්කෘතික උරුමයන්, විශ්මයජනක භූ දර්ශන, වන සතුන්ගෙන් පිරි ජාතික වනෝද්‍යාන හා පිරිසිදු වෙරළ තීරයන් සඳහා ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලංකාව ගෝලීය ගවේෂකයන්ගේ හදවත දිනාගෙන ඇති බව මේ අනුව පෙනී යයි.මෙම රන් සම්මානය ලැබීමත් සමග ලොව පුරා සංචාරකයින් සඳහා නැරඹිය යුතුම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ලෝකයට විවර වේ.මෙහි දෙවන ස්ථානය තායිවානයටත් තුන්වන තැන පුවර්ටෝ රිකෝ රාජ්‍යයටත් හිමිවුණා.මේ අතර එක් දින හා 20/20 ක්‍රිකට් තරග සඳහා දිවයිනට පැමිණි නවසීලන්ත කණ්ඩායම ද ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථාන රැසක් දැක බලා ගැනීමට එක්ව සිටින අතර එම කණ්ඩායම මින්නේරිය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025