ලෝකයේම අවධානය දිනාගත් ඕස්ට්‍රේලියාවේ ළමුන්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම

  • Home
  • /
  • News
  • /
  • ලෝකයේම අවධානය දිනාගත් ඕස්ට්‍රේලියාවේ ළමුන්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම

ඔස්ට්‍රේලියාවේ ලොව ප්‍රථම වරට 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ නීතිය ලොව පුරා මිශ්‍ර ප්‍රතිචාර ඇති කර ඇති අතර බොහෝ ප්‍රවීණයන් එහි සඵලතාවය පිළිබදව ප්‍රශ්න කරති. අන්තර්ජාලය හරහා ළමුන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් මෙම ප්‍රතිපත්තිය, එය බලාත්මක කිරීමේ හැකියාව පිළිබදව සැක කරන ජාත්‍යන්තර විශේෂඥයින්ගෙන් කනස්සල්ලට පත්ව ඇත. 

Oxford විශ්ව විද්‍යාලයේ Andrew Przybylski සහ Bath විශ්ව විද්‍යාලයේ David Ellis තර්ක කරන්නේ වයස් තක්සේරුවේ තාක්ෂණික දෝෂ සහ නව යොවුන් වියේ අය VPN භාවිතා කර තහනම පහසුවෙන් මග හරිනු ඇති බවට අනාවැකි පළ කරමින්,මෙම නීතිය අසාර්ථක වනු ඇති බවයි. සමහර විවේචකයින් පවසන්නේ රජය විසින් පනවන නීතිවලට පටහැනිවන අවස්ථාවලදී පනවන දඩ මුදල් වළක්වා ගැනීම සඳහා තාක්ෂණික සමාගම් ඕස්ට්‍රේලියාව අතහැර දැමිය හැකි බවයි. 

කෙසේ වෙතත්, මිශ්‍ර අදහස් සහිත යුරෝපයේ තරුණ තරුණියන්ගෙන් වඩාත් සමබර දැක්මක් මතු විය.එහිදී ඇතැම් අය ළමයින් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ අදහසට සහය දුන් අතර තවත් සමහරු එය ඉක්මවා යාමක් ලෙස පැවසූහ. විවිධ මතභේද පැවතියද, මෙම තහනම 2025 අගභාගයේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර, එය ළමුන් සඳහා ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රවේශයේ සැලකිය යුතු වෙනසක් ලෝකය ඉදිරියේ සනිටුහන් කරයි.

Don't forget to share this post!

Recent Posts

T10_Logo_Cricket_1200px_24_02_26-1000x600
December 12, 2024