ලෝකයේ කැතම සත්ත්වයා ලෙස හැඳින්‍වෙන බ්ලොබ්ෆිෂ් “blobfish”නවසීලන්ත පාරිසරික කණ්ඩායමක් විසින් නවසීලන්තයේ වසරේ මාළුවා ලෙස නම් කර තිබේ.එම පාරිසරික කණ්ඩායම විසින් නවසීලන්තයේ මිරිදිය සහ සාගර ජීවීන් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන වැටසහනකට දී මෙම නම් කිරීම සිදුකර ඇත.blobfish සාගර පතුලේ ජීවත් වන අතර ඇටසැකිල්ලක් සහ කොරපොතු වෙනුවට, මෘදු ශරීරයක් සහ දුර්වල සමක් සහිත සත්ත්වයෙකු බව සඳහන් වේ.මෙම මාළුවා මුහුදු පතුලේ ජීවත් වන අතර දිග අඟල් 12 (සෙ.මී. 30) ක් පමණ වේ.ඔවුන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් දක්නට ලැබෙන අතර, අඩි 2,000-4,000 (මීටර් 600-1,200) ගැඹුරක ජීවත් වන සත්වයෙකු වන අතර blobfish මොලුස්කාවන්ට අමතරව, කකුළුවන් සහ පොකිරිස්සන් වැනි කස්ටේෂියන් මෙන්ම මුහුදු ඉකිරියන් ද අනුභව කරයි.මෙම මත්ස්‍යයා සිය ගොඳුර එන තුරු ඉතාව ඉවසිලිවන්තව මුඛය විවෘත්ත කරගෙන සිටින බවද සඳහන් වේ.