ලෝකයේ විශාලතම ඖෂධ සැපයුම්කරු ලෙස ඉදිරියට එන ඉන්දියාව

  • Home
  • /
  • News
  • /
  • ලෝකයේ විශාලතම ඖෂධ සැපයුම්කරු ලෙස ඉදිරියට එන ඉන්දියාව

ඉන්දියාවේ ඖෂධ කර්මාන්තය වර්ථමානයේ දී ගෝලීය සෞඛ්‍ය සේවයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන අතර නුදුරු කාලයේදී ම ලෝකයේ විශාලතම ඖෂධ සැපයුම්කරු බවට පත්වීමට නියමිතය. 

වත්මනේදී ඇමරිකානු ඩොලර් බිලියන 55ක අගයකින් සමන්විත ඉන්දියානු ඖෂධ ක්ෂේත්‍රය 2030 වන විට ඩොලර් බිලියන 130 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමෙන්ම 2047 වන විට එය ඩොලර් බිලියන 450 දක්වා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

කොවිඩ් -19ට එරෙහි ගෝලීය සටනේදී ද ඉන්දියාවේ භූමිකාව, විශේෂයෙන් එහි එන්නත් බෙදා හැරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඉන්දියාවේ ඖෂධ ක්ෂේත්‍රයේ කීර්තිය තවදුරටත් තහවුරු විය.

ඉන්දියාවේ ඖෂධ කර්මාන්තයේ සාර්ථකත්වයට තුඩු දුන් ප්‍රධාන සාධකය වන්නේ එම ඖෂධ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව දැරිය හැකි මිලකට ලබා දීමේ හැකියාවයි. 

2047 වන විට ඉන්දියාව මෙම අංශයෙන් ආධිපත්‍යය හිමි කර ගනිමින් ඩොලර් ට්‍රිලියන 1ක කර්මාන්තයක් දක්වා වර්ධනය වනු ඇතැයි කර්මාන්ත විශේෂඥයෝ අනාවැකි පළ කරති.

පර්යේෂණ, දැරිය හැකි මිල සහ නවෝත්පාදනය කෙරෙහි දැඩි නැඹුරුව සමඟින්, ඉදිරි දශක කිහිපය තුළ ගෝලීය ඖෂධ වෙළෙඳපොළට නායකත්වය දීම සඳහා ඉන්දියාව නිසි මාවතට පිවිස ඇතැයි විශේෂඥයෝ පවසති.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025