ලොව පුරා වැඩකරන ජනතාව අද ලොව පුරා වැඩකරන ජනතාව කම්කරු දිනය සමරනවා. කම්කරු දිනය සැමරීම ආරම්භ වුණේ 1886 වර්ෂයේ දීයි.එදා 1886 මැයි පළමු දින තම කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු ඇමරිකාවේ චිකාගෝ නගරයේ කම්කරුවන්ට එල්ල කර අසාධාරණ ප්‍රහාරයේ ප්‍රතිපලයක් ලෙස බිහි වූ, ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් දිනය අදටත් ලොව සාමූහිකත්වයේ බලය විදහා දක්වන අග්‍ර ගණයේ සැමරුමක් ලෙස හැඳින්විය හැකියි. ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ හතලිස් දහසක පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලමින් පෙළපාලි පැවැත්වූවා. මැක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධාන කළ වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට හාම්පුතුන් දැරූ උත්සාහයේදී එය මර්දනය කිරීමට පැමිණි පිරිස් හා කම්කරුවන් අතර ගැටුම් පවා හටගත්තා.එහිදී පොලීසිය කළ වෙඩි තැබීමට විරෝධය පළ කරමින් චිකාගෝ නුවර මධ්‍යම චතුරස්‍රයේ යෝධ රැළියක් සංවිධාන කිරීමටයි කටයුතු කෙරුණේ.දිනකට පැය අටක වැඩ ඉල්ලා චිකාගෝ නුවර පැවති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1886 මැයි පළමුවනදා සිට ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරුණා