ලෝක ප්‍රකට ඇමෙ­රි­කානු ගායක Aloe Blacc ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • News
  • /
  • ලෝක ප්‍රකට ඇමෙ­රි­කානු ගායක Aloe Blacc ශ්‍රී ලංකාවට

ව්‍යව­සා­ය­කත්ව සහ ජෛව තාක්‍ෂණ නවෝ­ත්පා­ද­නය දිරි­ගැ­න්වී­මට තෙදින නිල සංචා­ර­ය­කට මෙර­ටට පැමිණි ලෝක ප්‍රකට ඇමෙ­රි­කානු ගායක ඇලෝ බ්ලැක් (Aloe Blacc) ශ්‍රී ලංකාවේ කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ්දී මහත් හර­ස­රින් යුතුව  10 පෙර­ව­රුවේ පිළි­ගනු ලැබිණි.

කීර්ති­මත් ගාය­ක­යකු,  ගීත රච­ක­යකු සහ ව්‍යව­සා­ය­ක­යකු වන ඇලෝ බ්ලැක් මෙහිදී මාධ්‍ය වෙත පැවැ­සුවේ ආයෝ­ජ­න­ව­ලට ශ්‍රී ලංකාව ආක­ර්ෂ­ණීය ස්ථාන­යක් බව ලොවට කියා­පෑමේ කොට­ස්ක­රු­වකු වීම තම අපේ­ක්ෂාව බවයි.

ශ්‍රී ලංකා රජය සහ ජාතික පර්යේ­ෂණ හා සංව­ර්ධන කට­යුතු සඳහා මුල­පි­රීමේ වැඩ­ස­ට­හන හා  සහ­යෝ­ග­යෙන් කට­යුතු කිරී­මට එය අද්වි­තීය අව­ස්ථා­වක් වන බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කළ අතර  දැනට පව­තින සහ නව සමා­ගම්  යන කොටස් දෙකම ඇතු­ළුව ශ්‍රී ලංකාවේ සිදු වන විවිධ ආයෝ­ජන සහ සංව­ර්ධ­නය වෙමින් පව­තින නව සංකල්ප පිළි­බඳ නිරී­ක්ෂ­ණය කිරීමේ අව­ස්ථාව ඉතා­මත් සුවි­ශේෂී අව­ස්ථා­වක් වන බව සඳ­හන් කළ ඇලෝ බ්ලැක් මහතා,  එක්සත් ජන­ප­දයේ සහ ලොව පුරා සිටින බොහෝ ආයෝ­ජ­ක­යන් සමඟ තමන්ට ඉතා­මත් සමීප සම්බ­න්ධතා පව­තින බවත්,  ශ්‍රී ලංකාවේ පවත්නා විභ­ව­යන් පිළි­බඳ ඔවුන් හා කරුණු සාකච්ඡා කිරී­මට  තමන් අද­හස් කරන බවත් ප්‍රකාශ කර තිබේ.  ඔහුගේ ‘I Need a Dollar’ (අයි නීඩ් අ ඩොලර්) සහ ‘Wake Me Up’ (වේක් මී අප්) වැනි ගීත ලොව පුරා වඩාත් ජන­ප්‍රි­ය­ත්ව­යට පත් ගීත වන අතර,  ඇලෝ බ්ලැක් මහ­තාගේ ශ්‍රී ලංකා  සංචා­රය තුළින් ජෛව තාක්‍ෂ­ණය, සෞඛ්‍ය සේවා නවෝ­ත්පා­ද­නය සහ ව්‍යව­සා­ය­ක­ත්වය පිළි­බඳ ඔහු තුළ වන උන­න්දුව පිළි­බිඹු කරයි. ශ්‍රී ලංකාවේ රැඳී සිටින දින තුනේදී ඔහු දේශීය ව්‍යව­සා­ය­ක­යන්, කලා­ක­රු­වන් හමු­වෙ­මින් සංස්කෘ­තික හා විද්‍යා­ත්මක ක්ෂේත්‍ර පිළි­බඳ සහ­යෝ­ගි­තා­වන් වර්ධ­නය කර ගැනී­මට අපේක්ෂා කරන බවද සඳහන්.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025