ලෝක බැංකුව නව ජනපතිට උණුසුම් සුබ පැතුම් සමග සහාය ද පළ කරයි.

  • Home
  • /
  • News
  • /
  • ලෝක බැංකුව නව ජනපතිට උණුසුම් සුබ පැතුම් සමග සහාය ද පළ කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය විසින් සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමේ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි ජනපති වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ද සහතික වී ඇත. මෙරට ආර්ථිකය නැවතත් ප්‍රකෘති කිරීම සඳහා රාජ්‍යයේ අඛණ්ඩ සහයෝගය අවශ්‍ය බව හඳුනාගන්නා අතරම ආර්ථික වර්ධනය, සෞභාග්‍යය හා සංවර්ධනය සඳහා ඇති අවස්ථාව ද ඒ හා සමානවම වැදගත් බව එම ලිපියේ සඳහන් වේ.වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදීමට කැපවන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025