ලෝක විවාහක රූ රැජිණ දෙවන තැන ඉෂාදිට

  • Home
  • /
  • News
  • /
  • ලෝක විවාහක රූ රැජිණ දෙවන තැන ඉෂාදිට

2024 Mrs World හෙවත් ලෝක විවාහක රූ රැජිණ ජාත්‍යන්තර තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්වෙයි.මෙරට වෙලාවෙන් අද (31) අලුයම ඇමරිකාවේ ලාස්වේගාහීදී තරඟය පැවැත්වුණි.මෙවර මෙම තරගය පවත්වනු ලැබුවේ 40වැනි වතාවට ය.එහිදී පළමු ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවූ අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂානි අමන්දාට හිමිවිය.Mrs Sri Lanka World ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ සහ පුහුණුකරු රුක්මාල් සේනානායක ගුරුවරුන් ලෙස කටයුතු කළේය.මේ අවස්ථාවට 1984 Mrs World තරඟාවලිය නියෝජනය කර කිරුළු පැළඳි රෝසි සේනානායක මහත්මිය ද එක් විය.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025