වඳුරු උණ නිසා තවමත් ලෝකයටම හදිසි තත්ත්වයක් WHO අනතුරු අඟවයි

  • Home
  • /
  • News
  • /
  • වඳුරු උණ නිසා තවමත් ලෝකයටම හදිසි තත්ත්වයක් WHO අනතුරු අඟවයි

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන පරිදි වඳුරු උණ (mpox) වසංගත තත්ත්වය, තවමත් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවතී.ඉහළ යන ආසාදිතයින් ගණන සහ ගෝලීය ව්‍යාප්තිය මත පදනම්ව ඔවුන් තවමත් හදිසි අවස්ථාවක් ලෙස මෙය නම් කර තිබෙන බව සඳහන්වේ.පවතින හදිසි තත්ත්වය හමුවේ, mpox සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ස්වාධීන විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් පසුගියදා (22) ජිනීවාහි පැවති හමුවකදී මෙලෙස අනතුරු අඟවා ඇත.එමෙන්ම මෙය විශේෂ වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අගෝස්තු මාසයේදී mpox ගෝලීය අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් මාස තුනකට පසුව යළි මෙලෙස සිහිකැඳවීම නිසාය.නව වාර්තාවන්ට අනුව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) සහ එම රාජ්‍යයේ අසල්වැසි රටවල මෙම වසරේ mpox රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප්‍රිකානු සංගමය ඔක්තෝබර් අවසානයේ අනතුරු අඟවා තිබුණේ, mpox ව්‍යාප්තිය තවමත් පාලනය කර නොමැති බවත්, එය COVID-19 ට වඩා දරුණු විය හැකි වසංගතයක් විය හැකි බැවින් වළක්වා ගැනීම සඳහා වැඩි අවධානයක් ලබාදෙන ලෙසයි.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025