වාර්තාගත ලෙස උණුසුම්ම නගරය බවට Adelaide වාර්තා තබයි.

  • Home
  • /
  • News
  • /
  • වාර්තාගත ලෙස උණුසුම්ම නගරය බවට Adelaide වාර්තා තබයි.

South ඕස්ට්‍රේලියාව වසර ගණනාවකින් එහි ඇති දැඩිම තාප තරංග හේතුවෙන් ලෝකයේ උණුසුම්ම නගරය ලෙස Adelaide ශ්‍රේණිගත කිරීම් වලට හසුවී තිබේ. Oodnadatta වසර 65 කට පසු එහි උණුසුම්ම දිනය වාර්තා කළ අතර එය සෙල්සියස් අංශක 48.7 ක දැඩි  උෂ්ණත්වයක් කරා ළඟා විය. Coober Pedey අංශක 48.1 කින් උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර, Tarcoola අංශක 47.8 ක් සහ Port Augusta  අංශක 46 ක් උණුසුම් විය. මෙම ස්ථාන හතර  මේ වන විට ලෝකයේ ඉහළම උණුසුම්ම ස්ථාන 10 අතර වාර්තා තබයි.

 මෙම අධික උෂ්ණත්වය නිසාවෙන් මෙම නගරවල ජීවන රටාවට සැලකිය යුතු බාධාවන් එල්ල වී ඇති අතර අධික උෂ්ණත්වය නිසාවෙන්  නගරය පුරා බොහෝ ස්ථාන ස්ථාන වසා දැමීමට සිදු වී ඇති බව වාර්තා වේ. අනෙකුත් ගිනිකොනදිග අගනගරවල ද ඉහළ යන උෂ්ණත්වයක් අත්විඳින ලද අතර, අද මෙල්බර්න් අංශක 35 ක් දක්වා ඉහළ ගිය අතර අද මෙය  අංශක 37 දක්වා ළඟා වනු ඇතැයි  ද අපේක්ෂා කෙරේ. Hobart  ද සතියේ අග භාගය වන විට අංශක 30 පමණ ළඟා වීමට නියමිත අතර, Western Victoria ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ ඉහළ ගිනි අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන බවට වාර්තා වේ.මෙම ඉහළ යන අධික උෂ්ණත්වය නිසාවෙන්, බලධාරීන් නිරන්තරයෙන්  ප්‍රවේශම් වන ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, පදිංචිකරුවන්ට එළිමහන් ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීමට සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගිනි අනතුරු ඇඟවීම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ද ප්‍රකාශ කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025