වික්ටෝරියා ප්‍රාන්තයට අංශක 40 ක පමණ උෂ්ණත්වයක් වාර්තා වන අතර, දැඩි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පූර්ව දැනුම් දී තිබේ. වික්ටෝරියාවට අංශක 40 ක පමණ උෂ්ණත්වයක් වාර්තා වුනද අද දහවල් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවලට දැඩි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පූර්ව නිවේදනය කර ඇත.කාලගුණ විද්‍යා කාර්යාංශයේ Miriam Bradbury පැවසුවේ Swan Hill වැනි ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශ වලට ඉහළ උෂ්ණත්වයක් දක්නට ලැබුණු අතර එය අංශක 38.5 දක්වා ළඟා වී ඇති බවයී. ඇය තවදුරටත් පවසා ඇත්තේ මෙම උෂ්ණත්වය මෙල්බර්න් වෙත ද බලපා ඇති බවත් එය අංශක 34.8 ක් වූ බවත්ය.මෙම උෂ්ණත්වය පහත වැටීමට පටන් ගන්නා විට, මෙල්බර්න් ඇතුළු වික්ටෝරියාවේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල අද දහවල් සහ රාත්‍රිය පුරා දැඩි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන් කර තිබේ.