වික්ටෝරියා සහ ටස්මේනියාවේ ලැව්ගිනි දුම අවට පැතිරී යයී.

  • Home
  • /
  • News
  • /
  • වික්ටෝරියා සහ ටස්මේනියාවේ ලැව්ගිනි දුම අවට පැතිරී යයී.

වික්ටෝරියා සහ ටස්මේනියාවේ ලැව්ගිනි වලින් හටගත් දුම අවට පැතිරී යයී. පසුගිය සතියේ සහ මෙම සතියේ මුලදී ගිනිකොනදිග ඕස්ට්‍රේලියාව පුරා අකුණු සැර වැදී ප්‍රාන්ත කිහිපයක ගින්නක් ඇති වී තිබේ.මෙම  ගින්නේ දුමාරය  ඕස්ට්‍රේලියාවට ඉහළින් ඇති චන්ද්‍රිකා කැමරාවලින් දැකගත හැකි තරම් දුමාරයක් ජනනය වන බවට වාර්තා වී තිබේ. වෙදර්සෝන් සඟරාවට අනුව, ඉරිදා සහ අඟහරුවාදා අතර වික්ටෝරියා හි එල්ල වන අකුණු සැර 100,000 කට වඩා ඇති වී තිබේ.ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ අද දිනත්  ලැව්ගිනි දිගටම ඇවිළෙමින් තිබුණි.අද උදෑසන 7 වන විට, ජාතික වනෝද්‍යානයේ වයඹ දෙසින් ඇති වූ ගින්න පාලනයෙන් තොර වූ අතර, අනතුරු ඇඟවීමක්  ද ක්‍රියාත්මක කොට ඇත.වික්ටෝරියා හි නැගෙනහිර කොටසේ මේ වන විට  ලැව්ගිනි පාලනය කර ඇති බව සඳහන්ය.නමුත් වික්ටෝරියා හි වයඹ දෙසින් පිහිටි ලිට්ල් ඩෙසර්ට් ජාතික වනෝද්‍යානයේ තවත් ලැව්ගිනි ඇවිළෙමින් පවතී.දකුණු ඕස්ට්‍රේලියාවේ, ෆ්ලින්ඩර්ස් කඳු වැටියේ මවුන්ට් රිමාර්කබල් ජාතික වනෝද්‍යානයේ ගින්නක් සඳහා ලැව්ගිනි අනතුරු ඇඟවීමක් පෙර සිදු කර තිබුණු අතර වසරේ මෙම කාලය සඳහා අසාමාන්‍ය ලෙස උණුසුම් හා වියළි තත්වයන් නිසාවෙන්  දකුණු ඕස්ට්‍රේලියාව, වික්ටෝරියා සහ ටස්මේනියාවේ යන ප්‍රාන්ත වලට ගිනි අවදානම උග්‍ර බව සඳහන් කර ඇත.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025