ශ්‍රී ලංකාවට මි.මී.150 ඉක්මවන දරුණු වර්ෂාවක් ඇතිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවට මි.මී.150 ඉක්මවන දරුණු වර්ෂාවක් ඇතිවෙයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වලට විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (11) අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය.දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වලට විටින්විට හමන පැ.කි.මී. 40ක 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

28b525ddffc6798d60033e3428186253
November 1, 2024