ශ්‍රී ලංකාවම අප්‍රිකානු සූකර උණ කලාපයක් වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවම අප්‍රිකානු සූකර උණ කලාපයක් වෙයි.

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය (PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත්, ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න කොතලාවල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඔක්තෝම්බර් 25වනදා සිට මාස තුනකට වලංගුවන ලෙස නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් ඌරු උණ පැතිරීම වලක්වාලීමට ක්‍රියා මාර්ග රැසක්ද ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව සියලුම අවදානම් හා ආසාධිත ඌරන් ඝාතනය,ඌරු මස් ආශ්‍රිත නිෂ්පාදන, රෝග කාරක ද්‍රව්‍ය ආසාධිත ප්‍රදේශවල හෝ පිටතට ප්‍රවාහනය හා ඉවත් කිරීම, අවදානම් ඌරන් කෘත්‍රිම අභිජනනය කිරීම, සජීවි සත්ව වෙළඳාම,තරග පැවැත්වීම,ඌරු මස් නිෂ්පාදන, රෝග කාරක ද්‍රව්‍ය විකිණීම හා ගබඩා කිරීම, මියගිය රෝගී සතුන් ජලය සම්බන්ධ ස්ථානවලට හෝ වෙනත් තැනකට ප්‍රවාහනය වන පරිදි දැමීම තහනම් කර තිබේ. මෙම තහනම් ක්‍රියා සිදු කිරීම වැළැක්වීමට අදාල සෞඛ්‍ය නිලධාරීන්ට සියලු බලතල ද පවරා තිබේ.

Don't forget to share this post!

Recent Posts

man-hand-handcuffed
January 17, 2025