ශ්‍රී ලංකාවේ අලුත් දියවන්නාවට නවකයින් 150ක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ අලුත් දියවන්නාවට නවකයින් 150ක්

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මෙවර පැවැත්වූ මහමැතිවරණයෙන් පත් වූ නවක මන්ත්‍රීවරු ප්‍රමාණය 150ට ආසන්න ප්‍රමාණයක් වන බවට වාර්තා වී තිබේ.මේ නවක මන්ත්‍රීවරු අතරින් බොහෝ පිරිසක් ජාතික ජන බලවේගය නියෝජනය කරන අතර ඔවුන්ට මහජන වරමින් හමු වූ ධුර 141න් 130ක්ම නවක මන්ත්‍රීවරුන් දිනාගෙන ඇත.ඒ අනුව නවක මන්ත්‍රීවරු වැඩියෙන් පත්වී ඇත්තේ ජාතික ජන බලවේගයෙනි.

සමගි ජන බලවේගයට ද ජනතා වරමින් ලැබුණු මන්ත්‍රී ධුර 35න් 8 දෙනකු නවක මන්ත්‍රීවරු වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ද එක් නවක මන්ත්‍රීවරයකු බැගින් පත්ව තිබේ.ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයෙන් ද පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරු හතරක් පත් වී ඇත.

මීට අමතර ව ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත්වූ සහ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කර ඇති නවක මන්ත්‍රීවරුන් ද සමඟ මෙවර පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් ගණන 150 ඉක්මවා යනු ඇත.දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ තෙදින වැඩමුළුවක් මෙම 25, 26 සහ 27 දිනවල පැවැත්වේ.සෑම මහමැතිවරණයක්ම අවසන් වීමෙන් පසුව නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ක්‍රමය පිළිබදව සාම්ප්‍රදායිකව සිදුකෙරෙන තෙදින වැඩමුළුවක් මෙම 25,26සහ 27 දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Don't forget to share this post!

Recent Posts

T10_Logo_Cricket_1200px_24_02_26-1000x600
December 12, 2024