ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහතට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහතට

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව ඊයේ (31) පස්වරුවේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 371 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 313 ක් බව ද එම සංස්ථාව පවසයි. ඔක්ටේන් 92 ක පෙට්‍රල්, ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් යන ඉන්ධන වර්ග තුනේ මිල වෙනස් නොවන බවත් ඒ අනුව ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 311 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 283 සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183 ක තවදුරටත් පවතින බව ද එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025