ශ්‍රී ලංකාවේ තීරණාත්මක මහ මැතිවරණය හෙට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ තීරණාත්මක මහ මැතිවරණය හෙට

2024 වසරෙහි හෙට (14) පැවැත්වීමට යන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය යනු ශ්‍රී ලංකාවේ 17 වැනි පාර්ලිමේන්තුව සදහා මහජන නියෝජිතයින් තෝරාගන්නා මැතිවරණයයි. (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුවයි.) මෙම ඡන්ද විමසීම සඳහා, 2024 ඔක්තෝබර් 4 සිට 11 දක්වා නාමයෝජනා භාර ගන්නා අතර එය 2024  හෙට(14) වැනි දින පැවැත්වීමට නියමිතය.1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහක් වුවද, එහි පළමු රැස්වීමෙන් වසර දෙකයි මාස හයකට පසුව හෝ පාර්ලිමේන්තුවෙන් යෝජනාවක් ලැබුණු පසු ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය හැකිය. 2025 අගෝස්තු මාසයේ අවසන් වීමට තිබියදීත්, ජනාධිපති අනුර කුමාර දිසානායක, ඔහුගේ ව්‍යවස්ථාපිත බලතල සහ මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින්, 2024 සැප්තැම්බර් 21 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි.හෙට පැවැත්වෙන මහ මැතිවරණය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති තීරණාත්මක මැතිවරණයක් වේ.පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් වාමාංශික පක්ෂයක් වන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක බලයට පත්විය.හෙට දිනයේ දී පැවැත්වෙන මහමැතිවරණයෙන් ද ශ්‍රී ලංකාවේ වැඩි ආසන ප්‍රමාණයක බලය තහවුරු කර ගැනීමට හැකිවුවහොත් ශ්‍රී ලංකාවේ පළමු වාමාංශික පාර්ලිමේන්තුව පිහිටුවීමට හැකිවේ.

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025