ශ්‍රී ලංකාවේ පුද්ගල ආදායම් බදු අඩු කිරීමට තීරණය කරයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ පුද්ගල ආදායම් බදු අඩු කිරීමට තීරණය කරයි.

2025 වසරේ සිට පුද්ගල ආදායම් බදු අයකිරීම් (Personal Income Tax) පහත හෙළීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිකුරාදා (13) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

“උපයන විට ගෙවීම් බද්ද අඩු කිරීම පිළිබඳව රජයේ යෝජනාවලියකුත්, ඒ සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියකුත් කියලා යෝජනාවන් දෙකක් තියෙනවා. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලිය පිළිගන්න අද කැබිනට් මණ්ඩලය තීරණය කළා.“

මෙම පුද්ගල ආදායම් බදු සංශෝධනය 2025 අයවැය යෝජනා වෙත ඇතුළත් කිරීමට නියමිත අතර 2025 අප්‍රේල් මාසයේ සිට මෙම සංශෝධනය බලාත්මක වනු ඇත. මෙම නව බදු යෝජනාවන්ට අනුව බදු නිදහස් සීමාව වාර්ෂිකව රු. මිලියන 1.2 සීමාවේ වෙනසක් සිදුවන්නේ නැත. මීට අමතරව බදු අය කෙරෙන ආදායම් ගණනය කිරීමේ පරාසයන් රු. 500,000 සිට රු. 720,000 දක්වා පුළුල් කර ඇත. 6% අවම බදු සීමාවෙහි සහ 36% උපරිම බදු සීමාවෙහි වෙනසක් සිදුවන්නේ නැත.

ඒ අනුව එක් එක් වාර්ෂික ආදායම් පරාසයන්ට අනුව අය කෙරෙන පුද්ගල ආදායම් බදු ප්‍රතිශතය  පහත පරිදි වේ.

රු. 1,200,000 ක් දක්වා බදු අය කිරීමක් නැත.

රු. 1,200,000 සිට රු. 1,920,000 – 6%

රු. 1,920,001 සිට රු. 2,640,000 – 12%

රු. 2,640,001 සිට රු. 3,360,000 – 18%

රු. 3,360,001 සිට රු. 4,080,000 – 24%

රු 4,080,001 සිට රු. 4,800,000 – 30%

රු. 4,800,000 ට වැඩි – 36%

Don't forget to share this post!

Recent Posts

dream-about-scuba-diving.jpg
October 11, 2024