ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවල අද සිට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවල අද සිට

ශ්‍රී ලංකා රජයේ නව වැඩපිළිවලක් වන රටේ සියලූම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවැලේ ආරම්භයක් ලෙස නව  ඩිජිටල් ප්‍රවේශ තුනක් එරට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අදින් (07) ආරම්භ වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. 

මෙම ක්‍රමවේදය යටතේ සියලුම ගෙවීම් මාර්ගගතව සිදු කළ හැකි අතර GovPay.LK වෙබ් අඩවිය, ඊ. එම්. බී. ඩී ලෙස හැදින්වෙන විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට උපත්, මරණ සහ විවාහ සහතික තනාපති කාර්යාල හරහා  නිකුත් කිරීමට සහ ඉල්ලුම් කිරීමේ හැකියාව අද සිට මහජනයාට විවර වන බව සඳහන්ය. 

රාජය අංශයේ සියළුම ගෙවීම් මේ ක්‍රමවේදයට සිදු කළ හැකි අතර මෙහි පළමු අදියර යටතේ සේවා 16 කට වැඩි ප්‍රමාණයකට මාර්ගගත බැංකුකරණය හරහා මුදල් ගෙවීමට හැකි බව සඳහන් ය. මෙම GovPay.LK වෙබ් අඩවිය තව දුරටත් වැඩි දියුණු කරමින් අප්‍රේල් මාසය වන විට තවත් සේවා 30 ක්  පමණ මේ හරහා සිදුකළ හැකි බව සඳහන් ය. ඒ අනුව ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවල ක්‍රියාත්මක කරන බව සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025